Sunil Edirisinghe New Song - Ranmaliseya

  • 9 years ago
රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ
සුදොවුන් පියා විය සක්විති මග තනන
සමනල පව්ව විය දුක සැප සම දරණ
පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන

අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ
සිව්මහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ
බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ.....

බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා
පැල ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා
තුසිතෙක ඉසුරු පැලවට සිව්කොණ තබලා
ලොව්තුරු සුව විඳි අප රජවනු දැකලා ......

ගී පද :- පුජ්‍ය කිරඹ සුමංගල හිමි
ගී තනු : - මනෝරි උග්ගලගේ
ගායනය :- සුනිල් එදිරිසිංහ

Sunil Edirisinghe New Song - Ranmaliseya රන්මැලිසෑය

Category

🎵
Music

Recommended