Himanthara | Episode 03 | 14-03-2020

  • 4 years ago
අද කතාවේ සාරාංශය
තලේබාන් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඇති එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් දෙදෙනෙකු බේරා ගැනීමේ මෙහෙයුමක් සඳහා ෂි-ජින් දැන් ඇෆ්ගනිස්ථානයට ගිහිල්ලයි ඉන්නේ. මේ අතර එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දරණ වෛද්‍ය කිම් සහ වෛද්‍ය මූ යොන් ශල්‍යකර්මයක් සිදුකරනවා. එහි දී තමන් ශල්‍යකර්මය භාර ව කටයුතු කරන අතර මූ යොන් තමන්ගේ සහායකයා බව වෛද්‍ය කිම් විසින් මූ යොන්ට පවසනවා. ශල්‍යකර්මය අතරතුර දී වැරදීමකින් රෝගියාගෙන් ලේ වහනය වෙනවා. මේ අතර ෂී ජින් ප්‍රමුඛ විශේෂ කාර්‍ය බලකාය ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම ආරම්භ කරනවා. ඔවුන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් රඳවාගෙන සිටින ගොඩනැගිල්ලට පිවිසෙනවා. මෙහෙයුමේ දී ෂි-ජින්ගේ නිර්මාණශීලී උපායන් නිසා ඔවුන්ට එහි ගොඩනැගිල්ල තුළට ඇතුළු වීමට හැකිවෙනවා. අවසානයේ ප්‍රාණ ඇපකරුවන් ව නිදහස් කරගනිමින් මෙහෙයුම සාර්ථක කරගැනීමට ෂී ජින්ට හැකිවෙනවා. මේ අතර මූ යොන්ට රෝගියාගේ රුධිර වහනය නැවැත්වීමට හැකිවෙන අතර ශල්‍යකර්මය සම්පූර්ණ කර අවසන් කරන ලෙස වෛද්‍ය කිම්ට පවසනවා. කාර්යබහුල වැඩ මුරයකින් පසුව මූ යොන් නිදහසේ සිටීම සඳහා පිටතට පැමිණෙනවා. එහි දී ෂී ජින් වීදියේ අනෙක් පස සිට ඇය දෙස බලා සිටින බව ඇය දකිනවා. ඇය ඔහුව දැක මුහුණ සඟවා ගන්නවා. ඇය මුහුණ සඟවාගෙන සිටින්නේ ඇයිදැයි ඔහු අහනවා. තමන් කිසිම මේකප් එකක් දමා නැති බව ඇය පවසනවා. නමුත් ඇය ලස්සන බව ඔහු ඇයට පවසනවා. නියමිත පරිදි බිල ගෙවා නැති නිසා මූ යොන්ගේ නිවසේ වතුර කපා දාලා කියලා ඇය දැනගන්නවා. ඇය එය වසන් කරමින් තමන් wash එකක් දාගත් බව පෙන්වීමට උත්සාහ කළත් ෂී ජින් වතුර කැපූ බව පවසන දැන්වීම පෙන්වා වතුර නැති බව තමන් දන්නා බව ඇයට පවසනවා. ඔවුන් කෑම කන අතරතුර තමන් ගිය පසු තමන් ව මතක් වුනා ද කියලා ෂී ජින් මූ යොන්ගෙන් අහනවා. ඇයත් පෙරළා ඒකම ඔහුගෙන් අහනවා. ඔහුට ඇයව ගොඩක් මතක් වුණ බව ඔහු ඇයට පවසනවා. ඔවුන් film එක බලන්න යනවා. එය තමන්ගේ ජීවිතයේ සුන්දර ම අවස්ථාවක් බව ෂී ජින් ඇයට පවසනවා. ෂි-ජින්ට ඔහුගේ අණදෙන නිලධාරියාගෙන් තවත් ඇමතුමක් ලැබෙන අතර, ඔහුට පැමිණෙන්නැයි අණ ලැබෙනවා. ඔහු ගිය විගසම මූ යොන්ට චි-හූන් වෙතින් හදිසි ඇමතුමක් ලැබුණු අතර, ඇය නැවත රෝහල වෙත යනවා. එහි දී නැවත වරක් ඇයට ඇගේ උසස්වීම නොලැබුණු බව ඇය දැනගන්නවා. වෛද්‍ය කිම් පැමිණ ඊළඟ දවසේ රූපවාහිනී වැඩසටහනක ඇය වෙනුවෙන් පෙනී සිටින ලෙස මෝ-යෙොන්ට පවසනවා. ඔවුන් අතර රණ්ඩුවක් ඇතිවන අතර දෙදෙනා ම කෙස් වැටිවලින් අල්ලාගෙන රණ්ඩු කරනවා. ඊළඟ දවසේ උදේ ෂි-ජින් මූ යොන් හමුවීමට යනවා. එහි දී ඇය සජීවී විකාශනය කරන අයුරු රූපවාහිනියෙන් නරඹනවා
ඇය නිවසට පැමිණෙන තෙක් ඔහු ඇගේ නිවසේ සිට බලා සිටිනවා.

හඬ සටහන - උදේශිකා චතුරංගනී

Himanthara
Himanthara 2020-03-14
Himanthara 14-03-2020
Himanthara 14th March 2020
Himanthara Episode 03

Enjoy and stay connected with us!

Recommended