Himanthara | Episode 01 | 07-03-2020

  • 4 years ago
අද කතාවේ සාරාංශය
උතුරු කොරියානුවන් විසින් ප්‍රාණ ඇපයට තබාගත් තම දකුණු කොරියානු හමුදා සාමාජිකයන් බේරාගැනීමේ මෙහෙයුමෙන් පසු ෂී ජින් සහ ඔහුගේ දෙවැන්නා වන ඩේ යන්ග් නිවාඩු කාලයක් ලබා විනෝදයෙන් සිටිනවා. මේ අතර සොරෙකු යතුරු පැදියක් සොරකම් කර පලායන අතර ෂී ජින් සහ ඩේ යන්ග් ඔහු පසුපස ලුහුබඳිනවා. අවසානයේ සොරා අනතුරට පත්වන අතර කෙසේ හෝ ඔහු ඩේ යන්ග්ගේ ජංගම දුරකථනය සොරකම් කරගන්නවා. පසුව සොරාව රෝහලට ඇතුලත් කරනවා. තමන්ගේ ජංගම දුරකථනය නැති බව ඩේ යන්ග්ට වැටහෙන අතර එය ලබාගැනීමට ඔහු ෂී ජින් සමඟ රෝහල බලා පිටත් වෙනවා. එහි දී සොරා පැනගිය බව ඔවුන් දැනගන්නවා. සොරාට ප්‍රතිකාර කළ වෛද්‍යවරිය වන කන්ග් මූ යොන් ඔවුන් දෙදෙනාට හමුවන අතර ඔවුන් දෙදෙනා ද සොරාගේ සඟයන් බව ඇය වැරදියට වටහා ගන්නවා. මේ අතර මියුන්ග් ජූ විසින් ඩේ යන්ග් බැලීමට රෝහලට පැමිණෙනවා. එයට හේතුව ඇය ඩේ යන්ග් ට දුරකථන ඇමතුමක් ලබා ගත් අවස්ථාවේ සොරා ළඟ තිබු ජංගම දුරකථනයට පිලිතුරු දුන් හෙදිය පවසා ඇත්තේ ඩේ යන්ග් අනතුරට පත්වී ඇති බව. මේ අතර ෂී ජින් විසින් තමන් නිවැරදිකරුවෙකු ලෙස පෙන්වීමට කොපමණ උත්සාහ කළත් කන්ග් මූ යොන් එය පිළිගන්නේ නැහැ. මේ අතර මියුන්ග් ජූ විසින් ඩේ යන්ග් හමුවෙනවා. ඔහුට ඇයව අතහැරීමට සිදුවන බව ඔහු ඇයට පවසනවා.
අවසානයේ කන්ග් මූ යොන් විසින් ෂී ජින් ව විශ්වාස කරන අතර සිදු වූ දෙයට සමාව ඉල්ලා සිටිනවා. ඒ වෙනුවට තමන්ගේ තුවාලයට බෙහෙත් දමන ලෙස ෂී ජින් ඇයගෙන් ඉල්ලා සිටිනවා.

හඬ සටහන - ආලෝකා සංකේති

Himanthara Sirasa TV
Himanthara 2020-03-07 Sirasa TV
Himanthara 07-03-2020 Sirasa TV
Himanthara 7th March 2020
Himanthara Episode 01

For entertainment purpose only!

Enjoy and stay connected with us!

Recommended