RAIGAM TELE AWARDS 2018(Nayananatara Wickramarachchi-Thumindu Dodantenne-Koombiyo-Nadi Kammellaweera

  • 6 years ago
RAIGAM TELE AWARDS 2018(Nayananatara Wickramarachchi-Thumindu Dodantenne-Koombiyo-Nadi Kammellaweera-Mahendra Perera -Deveni Inima)

‘Koombiyo’ has won two awards at the Raigama Tele’es awards ceremony.

It won the award for the most popular tele drama, while Thumindu Dodantenne, who plays its main role, was adjudged the most popular actor.

Accepting his award, Thumindu said the award was a portrayal of the viewership’s opposition to the prevailing social system.

‘Koombiyo’ is directed by Lakmal Dharmaratne and produced by Asanka Dodantenna.

Nayananatara Wickramarachchi of ‘Deveni Inima’ was the most popular actress.

The best actor and best actress awards went to Mahendra Perera and Nadi Kammellaweera.

"රයිගම් ටෙලි සම්මාන 2017" සම්මාන උත්සවස මාධ්‍ය ක්ෂේත්‍රයේ, නළු නිළියන්ගේ, ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දි උත්කර්ෂවත් අන්දමින් ඊයේ (24) පැවැත්විණි.

එහිදි වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා සම්මානයෙන් ස්වර්ණවාහිනියේ විකාශය වු “බැද්දේ කුලවමිය” නාට්‍යයේ රෝහණගේ චරිතයට පණ පෙවු මයුර කාංචනට හිමි විය. වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියේ විකාශයේ වු “මේ මමයි” ටෙලි නාට්‍යයේ හර්ෂිට පණ පෙවු බුවනි චාපා දියලගොඩට හිමි විය. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවාට හිමි සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු “බැද්දේ කුලවමිය” ටෙලි නාට්‍යයේ ජිනපාල චරිතයට පණ පෙවු ආනන්ද කුමාරට හිමි විය. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නිළිය සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු “බැද්දේ කුලවමිය” නාට්‍යයේ “යසෝ මැණිකේ” චරිතයට පණ පෙවු නයනා හෙට්ටිආරච්චිට හිමි විය. රයිගම් ටෙලි සම්මාන උත්සවයේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය තුමිඳු දොඩන්තැන්නට හිමි වු අතර ජනප්‍රියම නිළියට හිමි සම්මානය නයනතාරා වික්‍රමාආරච්චිට හිමි විය. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු "බැද්දේ කුල්වමිය” ටෙලි නාට්‍යයේ “එඩ්වින්” චරිතයට පණ පෙවු මහේන්ද්‍ර පෙරේරාට හිමි වු අතර වසරේ විශිෂ්ටතම නිළියට හිමි සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු "බැද්දේ කුලවමිය" ටෙලි නාට්‍යයේ “චංචලා” චරිතයට පණ පෙවු නදී කම්මැල්ලවීරට හිමි විය. ­­

Visit more :
Like Us on Facebook :

Category

😹
Fun

Recommended